Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජිත්ට මරණ තර්ජන ?
    Featured

    සජිත්ට මරණ තර්ජන ?

    By LFNSeptember 4, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමට ඊයේ (03) එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ඇතැමුන් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ව්‍යාජ ප්‍රචාරයන් පතුරුවන්නේ සිය ජීවිතයට තර්ජනයක් ඇති නිසාදැයි සැක සහිත බවය.

    සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැතිව වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට අදාළ දායකත්වය ලබා දීම සිදුකරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

    එමෙන්ම කිරිදිඔය ව්‍යාපාරය පමණක් නොව මෙරටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුළින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර වීමිල සූත්‍රයක ඇති කර දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

    “අපි සංවර්ධනය ගැන මුදල් හොයාගන්න ක්‍රමවේදය ගැන කලබල වෙන්න එපා. ඒක මගේ වගකීමක්. කවුරු මොන සමාජවාදය ගැන කතා කරත් ලංකාවේ මුදලින් පක්ෂය මොකද්ද කියන එක අද පෙරපාසල් දරුවා හිටන් දන්නවා. අපි ආයෝජනය කරන්න යන්නේ නෑ දූපත්වල, විදේශීය සමාගම්වල, ගජමිතුරන්ගේ ව්‍යාපාරවල. එහෙම ආයෝජනයක් කරන්නේ නෑ. අපි ආයෝජනය කරනවා මේ රටේ ගොවි ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න. දැන් ළඟදි ඉඳලා රජයේ නියෝජිතයෝ කොට්ඨාසයක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් අලුත් ප්‍රතිපත්තියක් මවා පානවා, රනිල් ජනාධිපතිකමට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නෑ කියලා. මෙහෙම කියන්නේ, මම ජනාධිපතිවරණයට ඉල්ලනකොට ගෝඨාභය රාජපක්ෂ සමඟ ගිවිසුම් ගහලා කුමන්ත්‍රණ කරලා, මාව පරද්දන්න කටයුතු කරපු කට්ටිය. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒකේ කතා දෙකක් නෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මම ජීවතුන් අතර ඉන්න ඕනේ. සජිත් ඉල්ලන්නේ නෑ කියන්නේ ව්‍යංගාර්ථයෙන් සජිත් ප්‍රේමදාසගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් ද කියලා මට හිතෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.