ශ්‍රී ලාංකික අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසකට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දොම්ලූර්හි කුමාර් නැමැති පුද්ගලයකු එලෙස ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
අදාළ පුද්ගලයා විසින් ශ්‍රී ලංකාවෙන් පළාවිත් ඉන්දියාවේ බැංගලෝර් හී රැඳී සිටි ශ්‍රි ලාංකිකයකුට ඕමානයට පළායාම සඳහා ආධාර අනුබල ලබා දී ඇති බවට ඉන්දීය පොලිසීය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙරට අපරාධ කල්ලි සමාජිකයන් තිදෙනෙකු ඉන්දියාවට පළාගොස් සැඟ ව සිටිය දී පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයන් තිදෙනෙකු ද ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය.