දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ඉර පායන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ඒ අනුව හෙට දහවල් 12.11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.