Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය සැරසෙයි

    June 18, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

    June 18, 2025

    දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි

    June 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ හෙළිදරව්වක්
    Featured

    උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ හෙළිදරව්වක්

    By LFNAugust 27, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නියාමන අයිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පවරා ගැනීමට කටයුතු කළහොත් එය මෙරට උසස් අධ්‍යාපනයේ අවසානය බව එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    කෝප් කමිටුවේදී කරුණු දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය.

    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීමේ නියාමන බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගැනීමෙන් පසු එහි නියාමනයක් සිදුනොවන බවය.

    “විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන වෙලාවේදී ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරලා අවසානයේදී තමයි ඒ ආයතනවලට උපාධියක් පිරිනමන්න අවස්ථාව ලංකාව තුළ ලබාදුන්නේ.”

    “නමුත් අවාසනාවකට 2012 දී ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට ලබාදී තිබූ බලතළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් දන්නේ නැතුව එය ලබා ගත්තා අමාත්‍යාංශය.”

    “මේ අවුරුදු 13 ඇතුළත උපාධි පිරිනමන අවස්ථාව පිරිනැමුවට පස්සේ ඒක හරියට ක්‍රියාත්මක වනවාද යන්න බැලීමට කරන නියාමනය ලංකාවේ බිංදුවයි. අපේ quality assurance system එකක් අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට තියෙනවා.”

    “එතකොට ඒක තුළ විශ්වවිද්‍යාලවලට කියලා තියෙනවා මෙන්ම මේ කරුණු කාරණා යටතේ ඔවුන්ව අපි විමර්ශනයට භාජනය කරනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ සෑම උපාධියක්ම අවුරුදු 5කට සැරයක් සෑම පීඨයක්ම සෑම විශ්වවිද්‍යාලයක්ම විමර්ෂණයට භාජනය කරනවා. පසුව ඔවුන්ගේ අඩුපාඩුකම් වාර්තාමය වශයෙන් ඔවුන්ට අපි ලබා දෙනවා.”

    “ඔවුන් එවා අනිවාර්යයයෙන් හදන්න ඕනේ. එහෙම නැතිනම් ඔවුන්ට ලබාදෙන තත්ත්වය පහළට එනවා. දැන් ඔය තත්ත්වය ඇති වුණා නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඒක බරපතළ තත්ත්වයක්. දැන් මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බේරාගෙන ඉන්න එක තමයි මේ අපෙන් ගන්න යන්නේ.”

    “එක ගත්තොත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලින්.. එක උසස් අධ්‍යාපනයේ අවසානය. මේක අපිට හදන්න අවස්ථාවක් එන්නේ නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය සැරසෙයි

    June 18, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

    June 18, 2025

    දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි

    June 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,922 Views
    Don't Miss

    කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය සැරසෙයි

    June 18, 20250123 Views

    කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව…

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

    June 18, 2025

    දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි

    June 18, 2025

    මාරක රිය අනතුරක් – 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

    June 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.