Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ හෙළිදරව්වක්
    Featured

    උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ හෙළිදරව්වක්

    By LFNAugust 27, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නියාමන අයිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පවරා ගැනීමට කටයුතු කළහොත් එය මෙරට උසස් අධ්‍යාපනයේ අවසානය බව එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    කෝප් කමිටුවේදී කරුණු දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය.

    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීමේ නියාමන බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගැනීමෙන් පසු එහි නියාමනයක් සිදුනොවන බවය.

    “විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන වෙලාවේදී ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරලා අවසානයේදී තමයි ඒ ආයතනවලට උපාධියක් පිරිනමන්න අවස්ථාව ලංකාව තුළ ලබාදුන්නේ.”

    “නමුත් අවාසනාවකට 2012 දී ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට ලබාදී තිබූ බලතළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් දන්නේ නැතුව එය ලබා ගත්තා අමාත්‍යාංශය.”

    “මේ අවුරුදු 13 ඇතුළත උපාධි පිරිනමන අවස්ථාව පිරිනැමුවට පස්සේ ඒක හරියට ක්‍රියාත්මක වනවාද යන්න බැලීමට කරන නියාමනය ලංකාවේ බිංදුවයි. අපේ quality assurance system එකක් අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට තියෙනවා.”

    “එතකොට ඒක තුළ විශ්වවිද්‍යාලවලට කියලා තියෙනවා මෙන්ම මේ කරුණු කාරණා යටතේ ඔවුන්ව අපි විමර්ශනයට භාජනය කරනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ සෑම උපාධියක්ම අවුරුදු 5කට සැරයක් සෑම පීඨයක්ම සෑම විශ්වවිද්‍යාලයක්ම විමර්ෂණයට භාජනය කරනවා. පසුව ඔවුන්ගේ අඩුපාඩුකම් වාර්තාමය වශයෙන් ඔවුන්ට අපි ලබා දෙනවා.”

    “ඔවුන් එවා අනිවාර්යයයෙන් හදන්න ඕනේ. එහෙම නැතිනම් ඔවුන්ට ලබාදෙන තත්ත්වය පහළට එනවා. දැන් ඔය තත්ත්වය ඇති වුණා නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඒක බරපතළ තත්ත්වයක්. දැන් මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බේරාගෙන ඉන්න එක තමයි මේ අපෙන් ගන්න යන්නේ.”

    “එක ගත්තොත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලින්.. එක උසස් අධ්‍යාපනයේ අවසානය. මේක අපිට හදන්න අවස්ථාවක් එන්නේ නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.