Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ගත යුතුයි
    Featured

    ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ගත යුතුයි

    By LFNAugust 26, 2023No Comments2 Mins Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක දේශපාලනික වර්ධනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැළකෙන 2006 වසරේදී පිහිටුවූ ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ගතයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා උදය ගම්මන්පිල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් ඊයේ (25) යොමු කර තිබේ.

    බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් එක්ව ‘බ්‍රික්ස්’ හවුල පිහිටුවූ බවත් ‘බ්‍රික්ස්’ සන්ධානයේ වර්තමාන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාව එම සන්ධානයේ සාමාජිකත්වය ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම පියවර ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහාත්, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින් ආර්ථික සමෘද්ධිය ලඟා කරගැනීම සඳහාත් බෙහෙවින් උපකාරි වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

    එම සංවිධානය ආරම්භයේදී ‘බ්‍රික්ස්’ සන්විධානය ලෙස හැදින්වුවද 2010 වසරේදී දකුණු අප්‍රිකාව සාමාජික රටක් බවට පත්වීමත් සමඟම එය ‘බ්‍රික්ස්’ සන්ධානය ලෙස හැදින්වූ බවත් එම සන්ධානය ජොහැන්ස්බර්ග්හිදී පසුගියදා පැවැත්වූ සමුළුවේදී ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් හයට එම සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය දීමට තීරණය කර ඇති බවත් ගම්මන්පිල මහතා යොමු කළ ලිපියේ සඳහන් වේ.

    වර්තමාන ‘බ්‍රික්ස්’ සාමාජික රටවල් පහ සැළකීමේදී ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 27 ක් නියෝජනය කරන අතර නවතම වාර්තා අනුව ලෝක ජනගහනයෙන් සියයට 42 කට වඩා වැඩි ප්‍රතිශතයක් ද මෙම රටවල් සමූහය නියෝජනය කරන බව කියන උදය ගම්මන්පිල මහතා ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 27 කට වැඩි දායකත්වයක් ‘බ්‍රික්ස්’ රටවල් දරන බව ද සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250115 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.