Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ගත යුතුයි
    Featured

    ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ගත යුතුයි

    By LFNAugust 26, 2023No Comments2 Mins Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක දේශපාලනික වර්ධනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැළකෙන 2006 වසරේදී පිහිටුවූ ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ගතයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා උදය ගම්මන්පිල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් ඊයේ (25) යොමු කර තිබේ.

    බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් එක්ව ‘බ්‍රික්ස්’ හවුල පිහිටුවූ බවත් ‘බ්‍රික්ස්’ සන්ධානයේ වර්තමාන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාව එම සන්ධානයේ සාමාජිකත්වය ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම පියවර ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහාත්, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින් ආර්ථික සමෘද්ධිය ලඟා කරගැනීම සඳහාත් බෙහෙවින් උපකාරි වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

    එම සංවිධානය ආරම්භයේදී ‘බ්‍රික්ස්’ සන්විධානය ලෙස හැදින්වුවද 2010 වසරේදී දකුණු අප්‍රිකාව සාමාජික රටක් බවට පත්වීමත් සමඟම එය ‘බ්‍රික්ස්’ සන්ධානය ලෙස හැදින්වූ බවත් එම සන්ධානය ජොහැන්ස්බර්ග්හිදී පසුගියදා පැවැත්වූ සමුළුවේදී ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් හයට එම සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය දීමට තීරණය කර ඇති බවත් ගම්මන්පිල මහතා යොමු කළ ලිපියේ සඳහන් වේ.

    වර්තමාන ‘බ්‍රික්ස්’ සාමාජික රටවල් පහ සැළකීමේදී ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 27 ක් නියෝජනය කරන අතර නවතම වාර්තා අනුව ලෝක ජනගහනයෙන් සියයට 42 කට වඩා වැඩි ප්‍රතිශතයක් ද මෙම රටවල් සමූහය නියෝජනය කරන බව කියන උදය ගම්මන්පිල මහතා ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 27 කට වැඩි දායකත්වයක් ‘බ්‍රික්ස්’ රටවල් දරන බව ද සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.