සංචාරක ක්ෂේත්රයෙන් ලැබෙන ආදායම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ගැටලුවලට සෘජුව විසඳුම් ලබාගැනීමට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2035 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් හිමිවන්නේ සංචාරක ව්‍යාපාරය වන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව ද සූදානම් කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (25) පෙරවරුවේ පැවති හමුවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කියා සිටියේය.
ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.