Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ ඉහළ යෑමට හේතුව ගැන විශේෂ අනාවරණයක්
    Featured

    අපරාධ ඉහළ යෑමට හේතුව ගැන විශේෂ අනාවරණයක්

    By LFNAugust 26, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට නීති පද්ධතියේ පවතින අඩුපාඩු සහ නඩු විභාග කල්යෑම වර්තමානයේ සංවිධානාත්මක අපරාධ ඉහළ යෑමට හේතු වී ඇති බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ද අල්විස් මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ද අල්විස් මහතා,

    “සංවිධානාත්මක අපරාධ කියන එක ප්‍රවර්ධනය වෙලා ඒක සමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. සංවිධානාත්මක අපරාධයක් කරන අයට ඉදිරියට ඇවිල්ලා අපරාධකරුවන්ට එරෙහිව සාක්ෂි දෙන්න සාමාන්‍ය පුරවැසියෝ බයයි. එවැනි ප්‍රශ්න ගොඩක් තියෙනවා නීති ක්‍රමයේ. නඩු කල්යෑමෙන් සංවිධානාත්මක අපරාධ මෙන්ම නඩු විනිශ්චය පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා.”

    එමෙන්ම එහි දී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, වසර තුනක් තුළ ගිනි අවි 4,837ක් අත්අඩංගුවට ගත් බවත් එයින් 4,040ක්ම බෙහෙත් කොටන තුවක්කු නම් ගිනි අවි බවත්ය.

    සංවිධානාත්මක වෙඩි තැබීම් සඳහා යොදා ගන්නා ගිනි අවි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ, එකම ගිනි අවිය අවස්ථා කිහිපයක දී යොදාගෙන ඇති බවය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

    “නීති විරෝධි ගිනි අවි භාවිතයක් අපි මේ දවස් ටිකේ නිරීක්ෂණය කරනවා පසුගිය වසරේ සහ මෙම වසර තුළ.
    වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදී ක්‍රියා පැවතුණා. අතුරුඵල විදියට පුද්ගලයින් අතට ගිනි අවි පත්වුණා. මුහුද හරහා මත්ද්‍රව්‍ය ලංකාවට ළඟා වෙනවා. එවැනි අවස්ථාවල ගිනි අවි ලංකාවට ඇතුල් වෙනවා. තංගල්ල ප්‍රදේශයේ මෙම වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ, නඩු භාණ්ඩයක් වූ ගිනි අවියක්. අපරාධකරුවන්ට රිසි ලෙස ගිනි අවි භාවිත කරන්න බැහැ. එකම ගිනි අවිය අවස්ථා කිහිපයකදී යොදාගෙන. නීති විරෝධි ගිනි අවි අපරාධකරුවන් අතර භාවිත වෙනවා. වසර තුනට ගිනි අවි 4,837ක් අත්අඩංගුවට ගත්තා එවාගෙන් 4,040ක්ම බෙහෙත් කොටන තුවක්කු. ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදන නිකුත් කළා148ක්. එයින් 42ක්ම මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ. නමුත් පවතින පැරණි නීති ක්‍රමය අභියෝගයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.