කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ (23) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.
ඒ, දුම්රිය විදුලි කාර්මිකයින් හදිසියේ ක්රියාත්මක කළ වැඩ වර්ජනයක් හේතුවෙනි.
වර්ජනය හේතුවෙන් ඊයේ රාත්රී දුම්රිය කිහිපයක ධාවනය ප්රමාද වී තිබූ අතර එහිදී මගීන් නොසන්සුන්වී තිබුණි.
කෙසේවෙතත් පසුව වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය විදුලි කාර්මිකයින් පියවර ගෙන තිබූ අතර රාත්රී දුම්රිය ධාවනය ද ප්රමාදයක් සහිතව සිදුකෙරුණි.