Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය ලොරි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    September 25, 2025

    ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක්

    September 25, 2025

    ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව

    September 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පවුල් හැටදාහක් අනාථයි
    Featured

    පවුල් හැටදාහක් අනාථයි

    By LFNAugust 21, 2023No Comments2 Mins Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක බලපැවැත්වෙන අධික නියඟ තත්වය හේතුවෙන් උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව හැට දහස් නව සිය අනූවක් (60900) දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.

    මේ පිරිසට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්ෂ දස දහස් හත් සිය අනූ අටකි.

    උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින මෙම පිරිස අයත් වන්නේ රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව්, වව්නියාව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ මාතලේ යන දිස්ත්‍රික්කවලටය.

    ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින වැඩිම පිරිස අයත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ විපතට පත්ව සිටින පවුල් සංඛ්‍යාව 21999කි. ඊට ඇතුළත් වන පුද්ගලයන් ගණන 70238 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පානීය ජලය දිගින් දිගටම බෙදා හරිමින් සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

    ඒ සඳහා බවුසර් දෙසීයකට වැඩි ප්‍රමාණයක් යොදවා ඇතැයිද ඔහු සඳහන් කළේය.

    මේ අතර ජලය අර පරිස්සමින් පරිහරණය කරන ලෙසත් වාහන උදේ සවස සේදීමෙන් වළකින ලෙසත් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ජල කරාම බාගෙට ඇර වතුර ගැනීමට පෙළඹිය යුතු බවත් රෙදි සෝදන යන්ත්‍ර වලින් සේදීම හැකිතාක් අඩු කිරීම වැදගත් බවත් ඔහු පැවසුවේය.

    ජල කරාම වලින් දිය නෑමේදී අඩු වේලාවක් ගත කර ඒ කටයුතු කර ගැනීමට පෙළඹිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

    මේ අතර ජල හිඟය හේතුවෙන් වන සතුන් ප්‍රචණ්ඩ වී ගම්වදින තත්වයක් පවතින හෙයින් ජනතාව පරිස්සම් විය යුතු බව පැවසූ රණසිංහ මහතා විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශ වල වඳුරන් අනෙකුත් සතුන්ට සාපේක්ෂව ලොකු ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වමින් සිටින බවද ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය ලොරි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    September 25, 2025

    ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක්

    September 25, 2025

    ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව

    September 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,549 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය ලොරි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    September 25, 20250112 Views

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්…

    ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක්

    September 25, 2025

    ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව

    September 25, 2025

    ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටනට

    September 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.