Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
    Featured

    සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

    By LFNAugust 20, 2023No Comments4 Mins Read201 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බවත් ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් බවත් ඊයේ (19) අති සුඛෝපභෝගී හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

    සංචාරක කර්මාන්තය පිළිබඳ වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    එහි දී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා, ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.

    එසේම දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර, ඔවුන් ඉලක්ක කර ගනිමින් එම කලාපය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

    ජනපති කළ සම්පූර්ණ කථාව පහතින්,

    “අද යාල ප්‍රදේශයේ අලුතින් විවෘත වන මෙම හෝටලය ඉහළ මට්ටමේ සුඛෝපභෝගී හෝටලයක් ලෙස විවෘත කිරීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙමගින් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ නව දියුණුවක්ඇති කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ පිළිබඳ මම මෙල්වා සහ හිල්ටන් සමූහයට ස්තුතිවන්ත වෙනවා. අතීතයේ මේ යාල ප්‍රදේශයේ සිතුල්පව්ව සහ ආකාශ චෛත්‍ය නමින් පැරණි පුදබිම් දෙකක් පැවතියා. ඒ අනුව මෙහි පැවති සශ්‍රීකත්වය සහ සහයෝගීතාව මෙන්ම විශ්මිත ඉදිකිරීම් සිහි ගැන්වෙනවා.

    සංචාරක කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් ඇති කරමින් එය ඉදිරියටට ගෙනයාම අපේ අරමුණයි. ඒ සඳහා සියලුදෙනා දායක කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා. මෙම යාල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවරධනය කිරීමේ දී එක් ප්‍රදේශයක් ලෙස එය සංවර්ධනය කළ යුතුයි. උඩවලව, කුමන මෙම සියලු ස්ථාන එකිනෙකට සම්බන්ධවයි පවතින්නේ. උඩවලව වනඅලි මංතීරුව කුමන දක්වා විහිදෙනවා. මේ ප්‍රදේශ එක කලාපයක් ලෙස සංවර්ධනය කළ යුතුයි.

    ඒ වගේම මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ද වැඩිදියුණු කළ යුතු වෙනවා. මෙම යාල කලාපය සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යවරයාගෙන් මෙන්ම සංචාරක අමාත්‍යවරයාගෙනුත් එම අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනවා. අප එයින් තවත් ඉදිරියට ගොස් ගල්ඔය, මාදුරුඔය, සෝමාවතිය, මින්නේරිය, වස්ගමුව වැනි ස්ථාන පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.

    සංචාරකයන්ට කොළඹින් යාත්‍රාවකට නැග, පුත්තලමට පැමිණ දිනක් හෝ දෙකක් විල්පත්තුවේ ගතකර ආපසු යා හැකි අන්දමින් අප එම පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. ඒ වගේම සංචාරකයන්ට නව අත්දැකීමක් ලැබෙන අයුරින් වනජීවි රක්ෂිත නිර්මාණය කිරීමේ අවස්ථාව පවතිනවා. ඉන්දියාවට සහ නේපාලයට ගිය විට එවැනි ස්ථාන දැක බලාගත හැකියි. අප මේ පිළිබඳ අවධානය යොමු කරමින් නව සැලැස්මක් සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

    අප මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරගත යුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් හතර පස් ගුණයකින් වැඩි කර ගත යුතුයි. 1981 දී මම මාලදිවයිනේ සිදුකළ සංචාරයේ දී සංචාරකයින්ගෙන් එම රටට ලැබුණු ආදායම ඩොලර් 25යි. අපේ රටට පැමිණෙන සංචාරකයන්ට වඩා අඩු පිරිසක් තමයි එදා මාලදිවයිනට පැමිණියේ. අද අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වන ලක්ෂ 25කට සමාන සංඛ්‍යාවක් මාලදිවයිනට ද පැමිණෙනවා.

    අප එක සංචාරකයෙකුගෙන් අය කර ගනු ලබන්නේ ඩොලර් 200ක පමණ මුදලක්. මාලදිවයිනේ ඩොලර් 700ක් පමණ අය කර ගන්නවා. එසේ නම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මෙන්ම මිලද ඉහළ නංවා ගත යුතුයි. මම ජනාධිපති ධූරයේ වගකීම භාර ගැනීමෙන් පසුව ණය අර්බුදයෙන් රට බේරා ගැනීම පමණක් නොව නව ආදායම් උපයා ගැනීමේ මාර්ග සකස් කිරීමේ වගකීම ද මට පැවරී තිබුණා. කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආදායම් ලබා ගැනීමට කාලයක් ගත වෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් අපට කඩිනමින් එම දායකත්වය ලබා ගත හැකියි.

    ඒ නිසා අපේ අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ආදායම් උත්පාදනය කර ගෙන ජනතා අවශ්‍යතා සපිරිමයි. මේ වසර අවසන් වන විට මෙරට සංචාරක හෝටල්වල කාමර පිරී යන තරමට සංචාරකයන් පැමිණිය හැකියි. එය දැන් සිදුවෙමින් පවතිනවා. ලබන වසර වන විට සංචාරකයන්ගෙන් කාමර පිරීයාම පමණක් නොව ඉන් ලැබෙන ආදායම දෙගුණයක් බවට පත්කරගත යුතුව තිබෙනවා.

    මහනුවර ඓතිහාසික දළදා පෙරහර හා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නිසා මෙම වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරක හෝටල් වෙන් කර තිබෙනවා. නත්තල් සමයේ දී මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට මෙන්ම ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් මෙන්ම සංගීතවේදීන් කිහිපදෙනෙකු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. බටහිර ලෝකයේ ප්‍රධාන සංගීතඥයෙක් වන ඇන්ඩ්‍රේ බුචෙලි ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණෙන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

    ඒ වගේම ගාලු සාහිත්‍ය උළෙල ඇතුළු වැඩසටහන් රැසක් රට පුරා පැවැත්වෙනවා. අප මෙයින් අපේක්ෂා කරන්නේ සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගෙන රටට අවශ්‍ය මුදල් උත්පාදනය කර ගැනීමයි. ඒ සමගම මෙය ආදායම් මාර්ගයක් මෙන්ම රැකියා මාර්ගයක් බවට ද පත් කළයුතුව තිබෙනවා. ඒ සඳහා තරුණ තරුණියන් වැඩි වශයෙන් පුහුණු කළයුතුයි. ඇතැම් අවස්ථාවල මෙය විදේශ රැකියා සඳහා ගමන් බලපත්‍රයක් බවට පත් කර ගෙන තිබෙනවා. තමන්ගේ අනාගතය ගොඩනඟා ගන්නා අතරම මෙම කටයුතු සඳහා ද දායකවීමේ වගකීම සියලුදෙනාට තිබෙනවා.

    මෙරට සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවක් වෙනුවෙන් නව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබෙනවා. ඒ වගේම තමන්ගේ නිවසේ කාමරයක් දෙකක් සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඉහළ ආගන්තුක සේවාවක් සැපයීමට ජනතාව සුදානම් නම් සහ ඒ සඳහා ඩොලර් සියකකට වැඩිය අය කිරීමක් සිදු කළ හැක නම් එම කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබා දීමට රජය කටයුතු කරනවා. සංචාරක කර්මාන්තයේ ඉලක්ක ඉටු කර ගැනීමට ප්‍රමුඛ අවධානයක් යොමු කරන අතර කෙටි කාලීන අදායම් සහ රැකියා මාර්ග උදා කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සියලුදෙනාගේ සහාය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.