Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»වියට්නාම – ශ්‍රී ලංකා සබඳතා පුළුල් කෙරෙයි
    Political

    වියට්නාම – ශ්‍රී ලංකා සබඳතා පුළුල් කෙරෙයි

    By LFNAugust 19, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට වියට්නාම රජය සිය එකඟතාව පළකර තිබේ.

    ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාම උප ජනාධිපතිවරයා අතර චීනයේ පැවති ද්විපාර්ශ්වික හමුවකදීය.

    චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාමයේ උප ජනාධිපති ‘ට්‍රාන් ලු ක්වාං’ මහතා අතර හමුවක් පවත්වා තිබිණි.

    එහි දී දෙරට අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දැනට පවතින හවුල් ව්‍යාපාරවලට අමතරව නව වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳ සොයාබලන ලෙස අග්‍රාමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමකට වියට්නාම උප ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.

    එමෙන්ම වියට්නාමයේ ආයෝජනයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් වෘත්තිකයන්ට සහ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා උදාවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

    තේ, පොල්, රබර්, ධීවර, විකල්ප බලශක්ති සහ පතල් කැණීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකර්මාන්තයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවල දී අවධානය යොමුවූ බව වාර්තා වෙයි.

    එමෙන්ම දෙරට අතර ගුවන් ගමන් වැඩි කිරීම, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමට ඉවහල් වන බැවින් බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරක පැමිණීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට වියට්නාමය සිය එකඟතාව පළකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

    December 18, 2025

    පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.