දැනට පවතින දේශගුණික විපර්යාස හේතුවෙන් තවත් වසර 20කින් පමණ මෙරට තුළ විශාල ජල හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
මේ හේතුවෙන් පවතින තත්ත්වය තුළ මේ මොහොතේ සිටම ඊට සුදානම් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකර අනාගතයට ගමන් කළ නොහැකි බවයි.