Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නියඟය රට වටේම ගොයම වැනසූ හැටි
    Featured

    නියඟය රට වටේම ගොයම වැනසූ හැටි

    By LFNAugust 17, 2023No Comments2 Mins Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කටයුතු ආරම්භ කර තිබේ.

    දිවයිනම ආවරණය වන පරිදි මෙම තක්සේරු සිදු කරන අතර ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 25කි.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදු කළ තක්සේරු කිරීම්වලට අනුව ඊයේ දිනය වන විට වී වගාවට වැඩිම හානි සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය.

    එම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 19,388 කට හානි සිදුව ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 22,357කි.

    දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයට බව හඳුනාගෙන තිබේ.

    එහි කුඹුරු අක්කර 10,125 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 4050 කි.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ තක්සේරු කිරීම්වලට අනුව වැඩිම හානි සිදුව ඇති වී වගා බිම් කලාපය වන්නේ මහවයි.

    මහව කලාපයේ අක්කර 8,008 කට නියඟයෙන් හානි සිදුව ඇති අතර පුත්තලමේ අක්කර 818 කටත්, රත්නපුරයේ අක්කර 636 කටත්, මාතර අක්කර 629 කටත්, හම්බන්තොට අක්කර 541කටත්, මඩකලපුවේ අක්කර 528 කටත්, නුවරඑළියේ අක්කර 491 කටත් හානි සිදුවී ඇතැයි තක්සේරු වාර්තාවේ සඳහන්ව තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ඊයේ දිනය වන විට මෙලෙස දිවයිනපුරා අක්කර 37,101 ක වී වගා කළ ගොවීන් 32,967 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි හඳුනාගෙන ඇති බවය.

    මෙහි අවසන් වාර්තාව සකස් කිරිම සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

    මේ අතර රත්නපුර ගොඩකවෙල අම්බැවිල ගම්මානයේ අක්කර 300 ක පමණ යල මහ දෙකන්නයේ වි වගා කිරීම සඳහා ජලය ලබාගන්නා අම්බැවිල වැව සිඳී ගොස් තිබේ.

    මේ හේතුවෙන් අක්කර 300 ම පමණ විනාශයට පත් වෙමින් පවතින බව ගොවීන් පවසයි.

    එවන් පසුබිමක අම්පාර සේනානායක සමුද්‍රෙය් ජලය දින 3ක සිට ඇල මාර්ග ඔස්සේ නිකරුණේ ගලා යන බවට ගල්ඔය වම් ඉවුර ගොවීන් චෝදනා කරයි.

    ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ මේවනවිටත් අස්වනු නෙලා අවසන්ව තිබියදි මෙලෙස ජලය නිකුත් කිරීම ජලය අපතේ යැවීමක් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 20250131 Views

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී ති‍බේ. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.