Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු ගැන ස්ථාවරය ඇමති හෙළිකරයි
    Featured

    වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු ගැන ස්ථාවරය ඇමති හෙළිකරයි

    By LFNAugust 16, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

    කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

    මේ අතර අද (16) පැවති මාධ්‍ය හමුවක දී සීමා පැනවීමට පෙර වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

    “වෛද්‍යවරු රට තුළ රඳවා ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙලකුත් එක්ක තමා සීමා කිරීම කරන්නේ. අපිට ඊයේ දවසේ ආරංචි වෙනවා. සෞඛ්‍ය ලේකම්වරයා විසින් යම් චක්‍රලේඛයක් හෝ යම් නියෝගයක් කළා කියලා නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු දැනට සීමිත සංඛ්‍යාවක් සිටින විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම සඳහා මින් ඉදිරියට නිවාඩු අනුමත නොකරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා. ගිය අවුරුද්දේ වෛද්‍යවරු 274ක් වගේ විශේෂඥ වෛද්‍යවරු රට ගිහින් තියෙනවා. මේකෙන් භාගයක්ම කියලා නෙමෙයි ගිහින් තියෙන්නේ. ඒ අය උත්සාහ කරලා තියෙනවා නිවාඩු අරන් යන්න. නමුත් නිවාඩු අනුමත නොවීම නිසා ඒ අය ලංකාව ගැන අදහස අතහැරලා, රස්සාව අතහැරලා ගියා. අවසානයේ සිදුවන්නේ ඒක පාර්ශවික ලෙස ගන්න තීන්දු නිසා දැනට රටේ රැඳිලා ඉන්න මානසිකත්වයෙන් ඉන්න වෛද්‍යවරු රට දාලා යන්න පෙළඹෙනවා කියන කාරණය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.