Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු ගැන ස්ථාවරය ඇමති හෙළිකරයි
    Featured

    වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු ගැන ස්ථාවරය ඇමති හෙළිකරයි

    By LFNAugust 16, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

    කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

    මේ අතර අද (16) පැවති මාධ්‍ය හමුවක දී සීමා පැනවීමට පෙර වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

    “වෛද්‍යවරු රට තුළ රඳවා ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙලකුත් එක්ක තමා සීමා කිරීම කරන්නේ. අපිට ඊයේ දවසේ ආරංචි වෙනවා. සෞඛ්‍ය ලේකම්වරයා විසින් යම් චක්‍රලේඛයක් හෝ යම් නියෝගයක් කළා කියලා නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු දැනට සීමිත සංඛ්‍යාවක් සිටින විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම සඳහා මින් ඉදිරියට නිවාඩු අනුමත නොකරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා. ගිය අවුරුද්දේ වෛද්‍යවරු 274ක් වගේ විශේෂඥ වෛද්‍යවරු රට ගිහින් තියෙනවා. මේකෙන් භාගයක්ම කියලා නෙමෙයි ගිහින් තියෙන්නේ. ඒ අය උත්සාහ කරලා තියෙනවා නිවාඩු අරන් යන්න. නමුත් නිවාඩු අනුමත නොවීම නිසා ඒ අය ලංකාව ගැන අදහස අතහැරලා, රස්සාව අතහැරලා ගියා. අවසානයේ සිදුවන්නේ ඒක පාර්ශවික ලෙස ගන්න තීන්දු නිසා දැනට රටේ රැඳිලා ඉන්න මානසිකත්වයෙන් ඉන්න වෛද්‍යවරු රට දාලා යන්න පෙළඹෙනවා කියන කාරණය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.