Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති කෘෂිකර්මාන්තය ගැන තීරණයක් ගනී
    Featured

    ජනපති කෘෂිකර්මාන්තය ගැන තීරණයක් ගනී

    By LFNAugust 12, 2023No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උඩවලව ගොවීන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇත්තේ සැළසුමකින් තොරව ජලය නිදහස් කිරීම හේතුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කෘෂිකාර්මික අංශය නවීකරණය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

    කෘෂිකාර්මික අංශය නවීකරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා විමසීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණි.

    එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් පැවසුවේ, කෘෂි නවීකරණ කාර්යාලය පිහිටුවීම සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසය.

    “කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලීමට නම්, අප පළමුවෙන්ම කෘෂිකර්මාන්ත සහායක ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. සියලුම භෝග ආවරණය වන පරිදි කෘෂිකර්මාන්ත නවීකරණ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට මට අවශ්‍ය වනවා. සත්ව පාලනය ඊට පසුව එක් කළ හැකියි. සියලු භෝග ආවරණය කරන එය, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයෙත් සමන්විත වන්නක්. වී මිළදී ගැනීමේ ක්‍රමවේදය පිළිබද යළි ඇගයීමක් කරන ලෙසත් මුදල් අමාත්‍යංශයෙන් මම අද ඉල්ලා සිටියා.”

    “ඔබට යන්ත්‍ර සුත්‍ර අවශ්‍ය වූ විට කවුද ඒවා දෙන්නේ? ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ විට, ණය සහන යෝජනා ක්‍රමයක් හරහා කෘෂිකාර්මික උපකරණ ගෙන්වා අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ හැකියි. උඩවලවේ ජලය ගැන ඔබ කතා කරනවා. මොකක් ද උඩවලවේ සිද්ධ වුණේ? මාස කිහිපයකට පෙර අප කිසිවෙකුට නොදන්වා ඔබ ගොවිතැන් සඳහා ජලය නිකුත් කළා.”

    “අක්කර 10,000 සිට 12,000 දක්වා වී ගොවිතැනට ජලය නිකුත් කර අනෙකුත් කටයුතු සඳහා ජලය රඳවා ගත යුතු වුවත් ඔබ අක්කර 25,000ක වී වගාවන් සඳහා එය භාවිත කළා. ඒ ගැන මටයි බැනුම් අහන්නට සිදු වුණේ. ඒ විදිහට බැණුම් අහන්න මම දැන ගෙන ඉන්න අවශ්‍යයි ඒ කුමකට ද කියා. ඇත්තටම මේ සැලසුමක් නොමැති නිසා සිදු වූවක්. යම් තැනක කිසිවෙකු තීරණයක් ගෙන එය මුදා හැරියා. ඉතින් ජලය නැහැ කියලා ජනතාව හඬනගන්න පටන් ගත්තා.”

    “අපට වේගවත්ව ප්‍රකෘතිමත් වීමට නම් ඒ විදිහට වේගවත් දියුණුවක් ලැබිය හැකි අංශ දෙකක් තිබෙනවා. එකක් සංචාරක කර්මාන්තය. අනෙක කෘෂිකර්මාන්තය. අනෙක් සියල්ලේම අයෝජන ක්‍රියාවට නැංවීමට අවුරුදු 3ක් 4ක් හෝ 5ක් ගත වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.