Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති

    June 16, 2025

    දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 16, 2025

    තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාවට

    June 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමනල වැවේ ජලය ගලාඑන මාර්ගය මෙන්න
    Featured

    සමනල වැවේ ජලය ගලාඑන මාර්ගය මෙන්න

    By LFNAugust 8, 2023No Comments2 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ උඩවලව ජල ගැටලුව අවසන් කරමින් සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම අද (08) අලුයම 03 ට පමණ ආරම්භ කෙරුණි.

    විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ දිනකට කියුබික් මීටර් මිලියන3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බවය.

    දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයත් සමග උඩවලව ජලාශය සිදීයෑමෙන් මහවැලි වලව කලාපයේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්වී සිටි පසුබිමක කැබිනට් මණ්ඩලය ඊයේ තීන්දු කළේ සමනල වැවෙන් යම් ජල ප්‍රමාණයක් උඩවලව ජලාශයට මුදාහැරීමටය.

    ඒ අනුව අද හෙට සහ අනිද්දා යන දින තුනේදී දිනකට ඝන මීටර් මිලියන 3.5 බැගින් ජලය නිකුත් කිරීම සිදුවන අතර එමගින් දිනකට විදුලිය ඒකක ගිගා වොට් පැය 2.1 බැගින් නිපදවනු ලබයි.

    ඉන් පසුව 11 වනදා සිට 15 වනදා දක්වා දින පහේදී දිනකට ඝන මීටර් මිලියන 2.5 බැගින් ජලය නිකුත් කෙරෙන්නේ දිනකට විදුලිය ඒකක ගිගා වොට් පැය 1.5 බැගින් ජනිත කරමිනි.

    විදුලි නිෂ්පාදනයෙන් පසුව මුදාහැරෙන ජලයට අමතරව සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුවෙන් තවත් ජල ප්‍රමාණයක් සමනල වැව වේල්ල අසලින් කුඔල්ගම ප්‍රදේශයෙන් වලවේ ගඟට එක්වෙයි.

    මෙලෙස සමනල වැවෙන් නිකුත් කරන ජලය වලවේ ගඟ ඔස්සේ ගලා ගොස් අද පස්වරුව වන විට උඩවලව ජලාශයට එක්වී ඇති අතර එම ප්‍රමාණය අක්කර අඩි 600ක් බව මහවැලි අධිකාරිය පැවසීය.

    මහවැලි නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාර (තාක්ෂණ සේවා) තිලක් රණසිංහ මහතා,

    “ලැබිච්ච වතුර ටිකෙන් උපරිම ප්‍රයෝජන ගමු. නැත්තම් මේක අපරාධයක්. සමනල වැවටත් නැහැ. අපිටත් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති

    June 16, 2025

    දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 16, 2025

    තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාවට

    June 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,920 Views
    Don't Miss

    මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති

    June 16, 20250122 Views

    ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර…

    දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

    June 16, 2025

    තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාවට

    June 16, 2025

    කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

    June 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.