Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාඨලී ට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය දුන් නියෝගය
    Featured

    පාඨලී ට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය දුන් නියෝගය

    By LFNJuly 31, 2023Updated:July 31, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබුණි.

    ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේය.

    විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට පාදක වන තවත් සමාන නඩුවකට අදාළව විත්තිකරු මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.

    එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළේය.

    මෙම නඩුවට අදාළව විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ තවත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දී ඇත.

    ඒ අනුව නඩුව නොවැම්බර් මස 23 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,377 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි

    October 20, 202503 Views

    ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී…

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025

    ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

    October 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.