Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බාලදක්ෂ ව්‍යාපාරයට ජනපතිගෙන් ඇගයීමක්
    Featured

    බාලදක්ෂ ව්‍යාපාරයට ජනපතිගෙන් ඇගයීමක්

    By LFNJuly 29, 2023No Comments2 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

    එමෙන්ම 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණි.

    25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2023 අගෝස්තු මස 01වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ Saemangeum හිදී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතය.

    ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට මෙහිදී සිය සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, 2048 වන විට ශ්‍රී ලංකාවද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මෙම සංචාරයේ දී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන්ද දායක කර ගැනීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු බවත්ය.

    ආත්ම විශ්වාසයෙන් යුතු සහ අභියෝගවලට මුහුණදිය හැකි ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැගීමට බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා එම පුහුණුව රටේ අනාගතය වෙනුවෙන් ඵලදායීව යොදාගන්නා ලෙසද බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.

    ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයක ඉලක්කය පසුගියදා සම්පූර්ණ කළ බවයි.

    මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ නායක, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂඥ වෛද්‍ය රජීව් පීරිස් මහතා වෙත ජාතික ධජය පිරිනැමුණු අතර, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, විධායක කමිටු සභාපති රත්නසිරි පෙරේරා යන මහත්වරු ඇතුළු සංගමයේ කොමසාරිස්වරු හා නිලධාරීන් රැසක් ඊට එක්ව සිටි බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.