Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරුවන් කොටුවෙයි
    Featured

    රුපියල් කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරුවන් කොටුවෙයි

    By LFNJuly 28, 2023No Comments2 Mins Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුවඳ විලවුන් නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලෙස හඟවමින් කෘත්‍රීම ගංජා කිලෝග්‍රෑම් 30ක් සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් මෙරටට ගෙන්වූ පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගැනුණි.

    ඒවායෙහි මුළු වටිනාකම රුපියල් කෝටි සියයකට අධිකය.

    සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරගැනීමට අවශ්‍ය බව පවසා මෙම සැකකරුවන් 06 දෙනාගෙන් තිදෙනෙක් ඊ (27) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    එහිදී එම භාණ්ඩ තොගයේ ඇත්තේ කෘත්‍රිම ගංජා කිලෝග්‍රෑම් 30ක් බව හඳුනාගැනුණු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 75ක් ලෙස ගණන් බලා තිබුණි.

    ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් දෙමටගොඩ පදිංචිකරුවන් වන එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

    එහිදී අනාවරණ වී ඇත්තේ, චීනයේ සිට රුසියානු ජාතිකයෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය එවා ඇති බවය.

    එමෙන්ම, මීට පෙරද අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් එවා ඇති බවත්, කොළඹ ඕල්කට් මාවතේ වෙළෙඳසැලක ගබඩා කර තිබූ එම රසායනික ද්‍රව්‍ය තොගය දෙහිවල පිහිටි සිය හෝටලයකට ලොරි රථයක් කුලියට ගෙන රැගෙන යන ලෙසට සිය ගෝලයින් දෙදෙනෙකුට උපදෙස් දුන් බවත්, එක් සැකකරුවෙක් පවසා තිබේ.

    ඒ අනුව වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී අදාළ ලොරි රථය සහ රියදුරු ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනුණි.

    එම ඇම්පිටමින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 100 කි.

    සුවඳ විලවුන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට ආරම්භ කිරීම සඳහා අදාළ රුසියානු ජාතිකයා මෙම සියලු ද්‍රව්‍ය මෙරටට එවා ඇති බව සැකකරුවන් පැවසුවත්, එවැනි කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා අවසරදී නැතැයි පොලීසිය පවසයි.

    එමෙන්ම ඇම්පිටමින් රසායනිකය මෙරටට ගෙන ඒම ද නීතියෙන් තහනම් වෙයි.

    අත්අඩංගුවට ගත් කෘත්‍රීම ගංජා සහ ඇම්පිටමින් සාම්පල විමර්ශන සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත යොමු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,920 Views
    Don't Miss

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 20250130 Views

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති…

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.