Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද?
    Hot News

    මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද?

    By LFNJuly 27, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සර්ව පාක්ෂික සමුළුවේ දී දෙමළ දේශපාලන පක්ෂ අතර ද මත ගැටුමක් හටගත් බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය.

    සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාඝවන් මහතා,

    “මෙතන දී අන්තිමට වුණේ දෙමළ පක්ෂ අතර, මොකද්ද කරගන්න ඕනේ කියලා ඒකමතික තීරණයක් තිබුණේ නෑ. සුමන්තිරන් මන්ත්‍රීතුමා, විග්නේෂ්වරන් මන්ත්‍රීතුමා සහ ඉතුරු අය අතරේ, මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද? ඡන්දේ තියන්න ඕනේ ද කියන මතවාදය ගොඩක් මතුවුණා. ඒ අය ඒ ප්‍රශ්නය විසඳාගන්න ඕනේ. අපි පැහැදිලිව කියනවා අපිට සහෝදරත්වයෙන් ගොඩවෙන්න නම්, එකමුතුකම අවශ්‍යයි ආර්ථිකය ගොඩනැඟුණු කළ උතුරේ වගේම දකුණෙත් බොහෝ ප්‍රශ්න විසඳෙනවා. මම හිතන්නේ අපි ලබන මාසයේ දී නැවත හමුවීමට නියමිතයි. එහිදි මීට වඩා පැහැදිලි සහ සම්මුතවාදී ස්ථාවරයකට එන්න පුළුවන් වෙයි කියන එක මාගේ ස්ථාවරය. මගේ ආණ්ඩුකාර කාලෙත් මම කිව්වා. දෙමළ පොලීසියක් අවශ්‍ය නැත. තියෙන පොලීසියට දෙමළ අය බඳවා ගන්න.”

    ‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් එහි ඇති අඩුපාඩු සකස් කළ යුතු බවය.

    ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.

    පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොවන විධායක ජනාධිපතිවරුන් හත්දෙනාට ද නොතිබූ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා පවතින ගැටලු විසඳාගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුව සතුව බව පෙන්වාදුන්නේය.

    පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්යය තනිව සිදුකළ නොහැකි බවත් එම කටුයුත්ත ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමුහිකව කැපවී ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

    ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජනබලවේගය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගී වී තිබේ.

    එම හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ආණ්ඩුව ජනතාව නොමඟ යවමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ සූදානමක පසුවන බවය.

    මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි කරුණු පිළිබඳ පිළිතුරු සෙවීමේ දී ජනාධිපතිවරයා අතීතය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය.

    13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ද එකඟතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

    මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විසඳුම පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.