Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිවිතුරු හෙළ උරුමයෙන් දේශප්‍රේමය ගැන පරීක්ෂාවක්
    Featured

    පිවිතුරු හෙළ උරුමයෙන් දේශප්‍රේමය ගැන පරීක්ෂාවක්

    By LFNJuly 24, 2023No Comments2 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ, අද (24) එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,

    ”මීළඟ ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද කුට්ටියට ඉව අල්ලමින් ජනාධිපතිතුමන් විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා දෙමළ ජාතික සංධානය සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී පොලිස් බලතල පසුවත් අන් සියල්ල වහාමත් ක්‍රියාත්මක කරන්න එකඟතාවයක් ඇති වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා රටට ප්‍රකාශ කර තිබෙනවා. මේ සදහා එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපතිවරයා විසින් ලබන බදාදා දින කැඳවා තිබෙනවා. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට පත්ව තිබෙන බවට වන අනතුරු ඇඟවීම ජාතියට කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය ලැබුණු හැමදාම ජාතික ආරක්ෂාව අනතුරේ හෙලා රට අඳුරෙන් අඳුරට යැවූ බව ඉතිහාසයට එබී බලන ඕනෑම කෙනෙකුට පේනවා. පොලිස් බලතල ව්‍යවස්ථාවේ තියෙන නිසා තමයි ජනාධිපතිවරයා වරින්වර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කැඳවා පොලිස් බලතල පිළිබඳව පොරොන්දු ලබා දෙන්නේ. පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ කමිටුවක් විසින් කෙටුම්පත් කර මට ලබා දී තිබෙනවා. මෙය ඉදිරි සතිය ඇතුලත අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පොලිස් බලතල පළාත් සභාවට ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරු හත් දෙනෙක් විසින් ගත් ස්ථාවරය සමගින් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිට ගන්නවද ඩොලර් කුට්ටියට දෙමළ සන්ධානයේ ඡන්ද කුට්ටියට කෑදරකමින් ඇස් අන්ධ කරගෙන බෙදුම්වාදී මාවතේ අපේ ආදරණීය මව්බිම දක්කගෙන යනවද කියන තීන්දුව මන්ත්‍රීවරුන්ට ගන්න අවස්ථාව උදා වෙනවා. රටේ ජනතාවට ඔවුන්ගේ තීරණය කුමක් ද කියලා බලාගන්න පුළුවන් වේවි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් විදිහට අප මේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.