Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිවිතුරු හෙළ උරුමයෙන් දේශප්‍රේමය ගැන පරීක්ෂාවක්
    Featured

    පිවිතුරු හෙළ උරුමයෙන් දේශප්‍රේමය ගැන පරීක්ෂාවක්

    By LFNJuly 24, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ, අද (24) එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,

    ”මීළඟ ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද කුට්ටියට ඉව අල්ලමින් ජනාධිපතිතුමන් විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා දෙමළ ජාතික සංධානය සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී පොලිස් බලතල පසුවත් අන් සියල්ල වහාමත් ක්‍රියාත්මක කරන්න එකඟතාවයක් ඇති වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා රටට ප්‍රකාශ කර තිබෙනවා. මේ සදහා එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපතිවරයා විසින් ලබන බදාදා දින කැඳවා තිබෙනවා. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට පත්ව තිබෙන බවට වන අනතුරු ඇඟවීම ජාතියට කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය ලැබුණු හැමදාම ජාතික ආරක්ෂාව අනතුරේ හෙලා රට අඳුරෙන් අඳුරට යැවූ බව ඉතිහාසයට එබී බලන ඕනෑම කෙනෙකුට පේනවා. පොලිස් බලතල ව්‍යවස්ථාවේ තියෙන නිසා තමයි ජනාධිපතිවරයා වරින්වර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කැඳවා පොලිස් බලතල පිළිබඳව පොරොන්දු ලබා දෙන්නේ. පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ කමිටුවක් විසින් කෙටුම්පත් කර මට ලබා දී තිබෙනවා. මෙය ඉදිරි සතිය ඇතුලත අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පොලිස් බලතල පළාත් සභාවට ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරු හත් දෙනෙක් විසින් ගත් ස්ථාවරය සමගින් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිට ගන්නවද ඩොලර් කුට්ටියට දෙමළ සන්ධානයේ ඡන්ද කුට්ටියට කෑදරකමින් ඇස් අන්ධ කරගෙන බෙදුම්වාදී මාවතේ අපේ ආදරණීය මව්බිම දක්කගෙන යනවද කියන තීන්දුව මන්ත්‍රීවරුන්ට ගන්න අවස්ථාව උදා වෙනවා. රටේ ජනතාවට ඔවුන්ගේ තීරණය කුමක් ද කියලා බලාගන්න පුළුවන් වේවි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් විදිහට අප මේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250115 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.