Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යාමක්
    Featured

    සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යාමක්

    By LFNJuly 24, 2023No Comments2 Mins Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ ජනවාරි සිට ජූලි 20 දක්වා ගතවූ කාලය තුළදී දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ප්‍රමාණය හත් ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    මේ අතර, කවුඩුල්ල ජාතික වන උද්‍යානය නැරඹීම සඳහා මේ දිනවල පැමිණෙන දෙස් විදෙස් සංචාරයන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, අවශ්‍ය පහසුකම් නොමැතිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

    2023 ජනවාරි සිට ජුලි මස 20 වනදා දක්වා දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 714,598කි.

    ජූලි මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් 89,724 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    2022 වසරේ ජුලි මාසය පුරා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 47,293ක් වන අතර, ඒ හා සැසඳීමේදී මේ වසරේ ජූලි මාසය තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති අයුරු දැකගත හැකිය.

    2022 සමස්ත වසරටම මෙරටට පැමිණි සංචාරකයන් ගණන 719,978ක් වෙද්දී මේ වසරේ ජූලි මාසයේ 20 වනදා වන විට පමණක් පැමිණි සංචාරකයන් ගණන හත් ලක්ෂය ඉක්මවීම විශේෂත්වයකි.

    ජූලි මස වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර එක්සත් රාජධානිය සහ චීනය එම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථානයේ පසුවෙයි.

    මේ අතර, මත්තල ගුවන් තොටුපොළ වෙත මේ වසරේ ජනවාරි මස සිට අද දක්වා පැමිණ ඇති සමස්ත රුසියානු සංචාරකයන් ප්‍රමාණය 34,164ක් බව වාර්තා වී ඇත.

    මේ අතර, ඉන්දියාවේ ‘එම්ප්‍රෙස් ඔෆ් කොඩෙලියා’ මගී ප්‍රවාහන සංචාරක නෞකාව පසුගිය ජුනි මසදී සිව් වතාවක් හම්බන්තොට වරායට පැමිණ තිබේ.

    එමගින් සංචාරකයන් 2618 දෙනෙකු මෙරටට රැගෙන ආ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිපාලනය පවසයි.

    චෙන්නායි වරායේ සිට මෙම සංචාරක නෞකාව කන්කසන්තුරේ,ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ කොළඹ, වරායන් වෙත පැමිණෙයි.

    නෞකාවෙන් හම්බන්තොටට පැමිණි සංචාරකයන් දියලුම ඇල්ල, යාල, උඩවලව සහ බූන්දල වනෝද්‍යාන ඇතුළු සංචාරක ආකර්ෂණිය ස්ථාන වෙත කෙටි සංචාර සඳහා පිටත්ව යන බව වාර්තා වී ඇත.

    මේ අතර, කවුඩුල්ල ජාතික වන උද්‍යානය නැරඹීම සඳහා මේ දිනවල පැමිණෙන දෙස් විදෙස් සංචාරයන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

    නමුත් එම සංචාරකයන්ට වන උද්‍යානයට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා ඇත්තේ, එක් ප්‍රවේශපත්‍ර කවුළුවක් පමණක් වන අතර ඉන් සංචාරකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

    සංචාර සඳහා වෙන් කරගෙන ඇති සිය වටිනා කාලය මේ නිසා නිකරුණේ අපතේ යන බවට සංචාරකයෝ මැසිවිලි නගති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.