මෙරට දරිද්‍රතාව පිටුදැකීමට සහ සහල් නිෂ්පාදනයට සහාය වීමට සූදානම් බව චීනය අවධාරණය කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය යුවාන් ජියාජුන් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබේ.
චීනයේ චොන්ග්කිංග් නගරයේ නාගරික කමිටු ලේකම්වරයාද වන ජියාජුන් මහතා ඊයේ (22) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇති බව වාර්තා වෙයි.
එහිදී දෙමුහුන් සහල් වර්ග සහ අනෙකුත් ආහාර බෝග පිළිබඳ විශේෂඥයන් ශ්‍රී ලංකාවට ලබාදීමට ඔහු එකඟතාව පළකර තිබේ.
එමඟින් සහල් අස්වැන්න කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට හැකිවන අතර, ආහාර සුරක්ෂිතතාවට මෙන්ම දරිද්‍රතාව තුරන් කිරීමටද හැකිවනු ඇති බව යුවාන් ජියාජුන් මහතා අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ මෙරට ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනයේ සහාය අපේක්ෂා කරන බවද එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.