Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රැකියා අහිමි වූවන් රැකියාගත කිරීමට වැඩපිළිවෙළක්
    Featured

    රැකියා අහිමි වූවන් රැකියාගත කිරීමට වැඩපිළිවෙළක්

    By LFNJuly 20, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ මතු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊ (19) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාළ කමිටුව පත් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති, සංචාරක, ප්‍රවාහන, වැවිලි කර්මාන්ත, කර්මාන්ත යන අමාත්‍යාංශවල ලේකම්වරු පත් කර ඇත.

    මේ අතර ‘අස්වැසුම’ සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.

    අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ප්‍රමාදයකින් තොරව ගත යුතු බව සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳ පැවති සාකච්ඡාවක දී ඔහු පෙන්වා දී ඇත.

    වකුගඩු, ආබාධිත හා වැඩිහිටි දීමනා ලේඛනගත සෑම අයෙකුටම නිසි පරිදි එම ප්‍රතිලාභ ලබාදෙන ලෙසද සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.