Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව කැලණි පාලමේ ඇණ ගැලවීමක් නෑ – ආමාත්‍ය බන්දුල ගුණවර්ධන
    Featured

    නව කැලණි පාලමේ ඇණ ගැලවීමක් නෑ – ආමාත්‍ය බන්දුල ගුණවර්ධන

    By LFNJuly 20, 2023No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නොමැති බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසු (18) දිනයේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද මෙම අදහස් පළ කළේය.

    කෙසේ වෙතත් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඇතැම් පුද්ගලයන් සිදුකර ඇති හානි සම්බන්ධයෙන් ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරන ලදි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

    ”යකඩ පාලමේ නිරීක්ෂණ හා නඩත්තු කටයුතු සඳහා පාලමේ යටි පැත්තේ ඉදිකර ඇති පදික පාලමේ ආරක්ෂක ඇඳිවලට යොදා ඇති ජී.අයි බට හොරකම් කරලා තියනවා. පාලමේ එකතු වෙන වැසි ජලය ප්‍රවාහනය සඳහා යොදා ඇති අපවාහන නළ පද්ධතියේ ඇති අධික ඝනකමකින් යුත් පී.වී.සී බට හොරකම් කරලා තියනවා. නව කැලණි පාලමේ සන්නිවේදන ගොඩනැඟිල්ලේ තොරතුරු පරිගණක පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිරින් සවිකරන කොටස් හොරකම් කරලා තියනවා. නව කැලණි පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික හොරකම් කරලා තියනවා. එතකොට කැලණි පාලමට වෙලා තියන අලාභය මෙහෙමයි. ජී.අයි බට හොරකම් කිරීමෙන් මිලියන 4.4යි. වායු සමීකරන කොටස් හොරකම් කිරීමෙන් මිලියන 0.5යි. දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් හොරකම් කිරීමෙන් මිලියන 1යි. මුළු අලාභය මිලියන 5.9යි. නව කැලණි පාලමේ කෝටි ගාණක අලාභයක් වෙලා නෑ. ඇණ ගලවලා නෑ. ඒ ඇණ ගලවන්ඩ බෑ. ඒ ඇණ ගලවන්න විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගමෙන් ගේන්න ඕනේ. එහෙම නැත්තං පාලං අනතුරට ලක් වෙනවා. ඒ නිසා ඇණ ගැලවීමක් නෑ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 20250119 Views

    දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික…

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.