ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තෙල්දෙණිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (15) පැවැත්විණි.
ඒ, පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙනි.
ඊට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය ද සහභාගි විය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම්,
”ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා සති දෙක තුනකින් අපිට මතකයි නේද තානාපති කාර්යාලයක කාන්තාවක් තමංව පැහැරගෙන ගිහිල්ලා, ලිංගික අඩන්තේට්ටම් කරලා, මරන්න උත්සාහ කළා කියලා පැමිණිල්ලක් දැම්මා. දැං ඒ කාන්තාව ගිය සතියේ වරද පිළිගන්නවා මම ඒක ඕනකමින් කරපු බොරුවක් කියලා. ඉතිං අරගල කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අයිං කළා. ඊට පස්සෙ අලුත් ජනාධිපති කෙනෙක් ගෙනාවා. හැබැයි ඒ ජනාධිපතිවරයා පත් වෙලා රටට අලුතින් එක ඩොලර් එකක් එන්නෙ නැතුව පෙට්‍රල් පෝලිම් ටිකත් ඉවරයි, පැය 14 ලයිට් කපන එක පැය 02ට අඩු වුණා, ගෑස් ටැංකි එකක් වත් පිපිරුවේ නෑ. මේවා වුණේ කොහොම ද? මේ කුමන්ත්‍රණය අපි හිතන විදියේ ආණ්ඩු බලය ලබා ගන්න කරපු කුමන්ත්‍රණයක් නෙවෙයි. මේ කුමන්ත්‍රණය මේ සමස්ත ජාතියම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්”