Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 2025

    IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද

    December 19, 2025

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»’’විපක්ෂයේ විරෝධය අමු පිස්සුවක් ’’
    Featured

    ’’විපක්ෂයේ විරෝධය අමු පිස්සුවක් ’’

    By LFNJuly 16, 2023No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ විරෝධය පළ කරන දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇත.

    කමිටුවේ කටයුතු ආරම්භවීමටත් පෙර තමාගේ සභාපතිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ සහ යුක්ති සහගත නොවන බවත් විපක්ෂය විරෝධය පළ කළ යුත්තේ එම කමිටුවේ කටයුතු නිසියාකාරව නොවන්නේ නම් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

    කමිටුවේ කටයුතු හරියාකාරව සිදු නොවන්නේ නම් එම කමිටුවේදීම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට හැකියාව ඇති බව පැවසූ කාරියවසම් මහතා එවැනි කමිටුවක තමාට තනි මතයට කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද ප්‍රකාශ කළේය.

    මෙම කමිටුවට පැවරී ඇත්තේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳව සෙවීම සහ ඒ සඳහා නිර්දේශය ඉදිරිපත් කිරීම හෙයින් එලෙස ඉදිරිපත් කරන නිර්දේශ වැරදි නම් ඔවුනට ඒ සඳහා ඕනෑම මොහොතක මැදිහත්විය හැකි බවත් තමාගේ සභාපතිත්වයට එරෙහිව විපක්ෂය කරුණු සොයා බැලීමකින් තොරව මෙලෙස සාම්ප්‍රදායික ලෙස විරෝධය පළ කිරීම ගැන කනගාටුවන බවත් ඔහු කීවේය.

    මේ සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදීද ඉදිරි දිනවල කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ අතර ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී ඇතිවී තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 2025

    IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද

    December 19, 2025

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 20250122 Views

    2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන්…

    IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද

    December 19, 2025

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

    December 19, 2025

    ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.