Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනපතිගෙන් විශේෂ නියෝගයක්
    Hot News

    සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනපතිගෙන් විශේෂ නියෝගයක්

    By LFNJuly 15, 2023No Comments3 Mins Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ වෙබ් අඩවියක් මගින් දිනපතා සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බව පැවසු ජනාධිපතිවරයා මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳ ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

    මෙරට මතුව ඇති ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත (NMRA) සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.

    පවතින ක්‍රියා පටිපාටිය මත ඇතිව තිබෙන ඖෂධ හිඟය වළක්වා ගැනීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති ඖෂධ සඳහා මෙරටදී යළි සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණි.

    එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) හා එක්සත් රාජධානිය (UK) අනුමත කර ඇති ඖෂධ තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාවලිය හරහා ඇණවුම් කිරීම වෙනුවට සෘජුවම ඇණවුම් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    2024 වර්ෂය අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමටත් විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

    හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    රටට ආනයනය කරන ලද ඖෂධ, උපකරණ සහ එන්නත්වල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු සහ සෞඛ්‍ය සේවා ආයතනවල කාර්ය මණ්ඩලවල නොසැලකිලිමත් බව නිසා සිදුවූ බව පැවසෙන මෑත කාලීන සිදුවීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

    නියමිත වේලාවට ගෙවීම් සහතික කිරීම, වෙනත් අරමුණු සඳහා අරමුදල් යෙදවීම වැළැක්වීම හා, වෛද්‍ය උපකරණ සඳහා හිඟ ගෙවීම් මෙන්ම සේවා ගිවිසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    මූල්‍ය විනිවිදභාවය පවත්වා ගැනීම වෙනුවෙන් ලියකියවිලි සඳහා අදාළ බලධාරීන් අත්සන් තැබීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරනු ලැබීය.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ මෙතෙක් ලියාපදිංචි වී නොමැති වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි සති දෙකක් තුළ සංශෝධනය කිරීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.