මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 5න් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේදී හෙළිවුණි.
එහි සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව පැවසීය.
එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය මේ පිළිබඳව අනාවරණය කෙරුණි.
මෙරට සීමිත සමාගම් 150,000 ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම්වල බදු ආදායමෙන් 82%ක් ලැබෙනුයේ සමාගම් 382කින් බවද ඒ මහතා පෙන්වා දුනි.