Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වත්මන් ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත වැඩි‌ වෙලා
    Hot News

    වත්මන් ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත වැඩි‌ වෙලා

    By LFNJuly 6, 2023No Comments2 Mins Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

    පසුගිය වසරේ ඔක්තෝබර් සහ මෙම වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව පසුගිය ජූනි මස වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය දෙගුණයකින් වර්ධනය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

    වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ පසුගිය ජූනි මස ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 21 ක් දක්වා වර්ධනය වී ඇතැයි එම ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

    පසුගිය වසරේ ඔක්තෝබර් මස සහ මෙම වසරේ පෙබරවාරි මස වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 10 ක් වූ අතර එය ජූනි මාසයේදී දෙගුණයකින් වර්ධනය වී ඇත.

    රටේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය ගැනද ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයේ ප්‍රථිපල මගින් තහවුරු වී තිබේ.පසුගිය ජූනි මාසයේදී රටේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 12 දක්වා වර්ධනය වී තිබෙන බවත් පසුගිය පෙබරවාරි සහ ඔක්තෝබර් මස එම අගය පැවතියේ පිළිවෙලින් සියයට 4 ක සහ 7 ක මට්ටම්වල බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

    ජූනි මස ප්‍රථිපලවලට අනුව රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය තවමත් සෘණ අගයක් ගනිමින් 43.8 ක මට්ටමක පැවතියත් පසුගිය ඔක්තෝබර් සහ පෙබරවාරි මසට සාපේක්ෂව එය පැහැදිලි වර්ධනයක් බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කර තිබේ.පසුගිය ඔක්තෝබර් සහ පෙබරවාරි මාස දෙකෙහිම රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය පැවතුනේ සෘණ 78 මට්ටමකය.

    ඇමෙරිකාවේ ගැලප් ආයතනය එරට ජනමතය විමසීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් වෙරිටේ රිසර්ච් ආයතනය ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.