Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුතුරාජා ගැන තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක්
    Featured

    මුතුරාජා ගැන තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක්

    By LFNJuly 6, 2023No Comments2 Mins Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    sinhala.adaderana.lk Logo
    ENGLISH
    தமிழ்

    මුතුරාජා ගැන තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක්
    මුතුරාජා ගැන තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක්
    July 5, 2023 07:12 pm

    මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

    මෙරට නායක ස්වාමීන් වහන්සේ නමක් හස්තියා යළි ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මුතුරාජා නැතහොත් සක් සුරින් තායි රජුගේ භාරයට ගැනීම හේතුවෙන් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට පවා නොහැකි බවය.

    තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිව වසර විසිදෙකක් මෙරට රැඳී සිටි මුතුරාජා හස්තියා පසුගිය 02 වැනිදා තායිලන්තයට රැගෙන යාමට එරට රජය පියවර ගත්තේය.

    ඒ අසනීප තත්ත්වයෙන් පසුවූ හස්තියාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහාය.

    එලෙස රැගෙන ගිය මුතුරාජා හස්තියා එරට ලම්පන් ප්‍රාන්තයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.

    තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රතිකාර ලබමින් පසුවන මුතුරාජා ප්‍රකෘතිමත් වෙමින් සිටින බවය.

    එමෙන්ම මුතුරාජා වඩා උද්යෝගීමත් ස්වභාවයක් පෙන්නුම් කරන බවත්, එරට භාෂාවට වඩාත් අනුගත බවත් මාධ්‍ය වාර්තා පවසයි.

    මුතුරාජාගේ ඇසක සුද මතුවී ඇති අතර ඉදිරිපස වම් පාදය නැවීමට නොහැකි බවත් එරටදී සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

    ඊට අමතරව පිටකොන්දේ ආසාදිත තුවාල සහිත බවත්, පතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවත් හඳුනාගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කර තිබුණි.

    කෙසේ වෙතත් මුතුරාජා ශ්‍රී ලංකාවෙන් ගෙන යාමට පැමිණි පශු වෛද්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම වෛද්‍යවරයා මුහුණු පොතේ සටහනක් තබමින් අද සඳහන් කර තිබුණේ මුතුරාජා මෙරටින් රැගෙන යන අවස්ථාව වන විට මුතුරාජාගේ සැරව ගෙඩි 90% ක් පමණ සුව අතට පත්කර තිබූ බවය.

    එමෙන්ම යටිපතුල්වල හෝ වලිගයේ කිසිදු තුවාලයක් නොතිබූ බවද එහි සඳහන් කර තිබේ.

    ඔහු ඒ වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන්ට ස්තූතිය පළකර තිබුණි.

    මේ අතර තායිලන්තය මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනකු සම්බන්ධයෙන්ද එරට රජයේ අවධානය යොමුව තිබේ.

    එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට එවීමට නියමිත බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.