Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව ලිබරල්වාදී ක්‍රමවේදය රට තවත් බංකොලොත් කරනවා – කාදිනල් හිමි
    Featured

    නව ලිබරල්වාදී ක්‍රමවේදය රට තවත් බංකොලොත් කරනවා – කාදිනල් හිමි

    By LFNJuly 1, 2023No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ණය ප්‍රතිව්‍යුගත වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි.

    උන්වහන්සේ පවසන්නේ නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් සිදුවන්නේ රට තවදුරටත් බංකොලොත් වීම පමණක් බවයි.

    ඒ පිළිබඳ තවදුරටත් අදහස් දක්වූ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්,

    “මේ රටේ තියන සම්පත් සූරා කාලා. මේ රටේ තියන සම්පත්වලින් පෝෂණය කරලා පෝසත් කරන්නේ නැතුව විදේශීය රටවලින් කන බොන හැමදෙයක්ම ලංකාවට ගෙන ආර්ථික ක්‍රමවේදයක් ඇති කරලා කොම්පැණිවල අතරමැදියෝ හම්බකරන මුදල් ප්‍රමාණය කෝටි ගණන්. විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙලක් යනවා මේ දවස්වල. මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දෙවල් වලින් රට පෝෂණය කරලා මේ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරන්නට කටයුතු කරන්නේ නැතිව මේ ගොල්ලෝ කරන්නේ විදේශීය රටවල් වලින් ණය අරගෙන කාකා බිබී ඉන්නවා. දැන් ඉන්න නායකයා විශේෂයෙන්ම නිව් ලිබරල්වාදී ආකල්ප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා එයා එක වැළඳගත්තා කියලා. ඒ නිව් රිබරල්වාදී ආර්ථික ක්‍රමය තුළ රට පුලුවන් තරම් දුප්පත් කරන්න තමයි කටයුතු වෙලා තියෙන්නේ. මේ ක්‍රමවේදය තුළ අපි සේරම වහල් ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ.”

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ උතුරේ රටවල් වල ආර්ථික බලය රඳවාගෙන ඒ ක්‍රමවේදය පමණක් පාවිච්චි කිරීමට ධෛරියමත් කරන සංවිධානයක්. අමෙරිකාය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එකට මුදල් ලබා දීලා තියෙන්නේ. ඒ අය අපිට ආධාර කරනවා නෙමෙයි අපෙන් සූරාකෑමක් තමා කරන්නේ දිගටම. වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ අපිට ණය දෙනවා පමණයි. ඉතින් මේ රට තුළ අපිට ස්වංපෝෂිත ආර්ථිකයක් හොයා ගන්න වෙන්නේ නෑ. අපේ ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න වෙන්නේ නෑ. මේ ණය ක්‍රමය අපි පාවිච්චි කරනකල්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202604 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.