Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නුවරඑළියේදී ගිනි අවි සමඟ සැකකරුවන් 2ක් කොටුවෙයි
    Featured

    නුවරඑළියේදී ගිනි අවි සමඟ සැකකරුවන් 2ක් කොටුවෙයි

    By LFNJune 30, 2023No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් නුවරඑලිය ප්‍රදේශයේදී ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු 39 හැවිරිදි වියේ පසුවන අතර ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු සමඟ සිට අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා රත්නපුර යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවයේ නිරත වන කපිතාන්වරයෙකි.

    නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි රජයේ සංචාරක නිවාඩු නිකේතනයක සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී ඔවුන් භාරයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් සමඟ ඒවාට යොදාගන්නා පතොරම් ගැබ් සහ උණ්ඩ 167ක තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    පොලිස් භාරයට ගන්නා අවස්ථාව වනවිටත් ටී 56 වර්ගයේ ගිනි අවියේ අංකය මකා දමා ඇති බවද පොලීසිය පවසයි.

    පසුගිය මැයි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බන්ධනාගාර නියාමකවරයෙකුට ඔහුගේ නිවසට ගොස් ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති ටී 56 වර්ගයේ ගිනි අවිය හෝමාගම නියඳගල ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව භාවිත කරන ලද ගිනි අවියක් බවට මේ වනවිට අනාවරණය වී ඇත.

    එම ඝාතනය මෙහෙයවීම දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් සිදුකර ඇති බවට ද මේ වනව්ට හෙළිවී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    එම සැකකරුට මහෙස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු දෙකක් නිකුත් කර ඇති බවද අනාවරණය වී තිබේ.

    එසේම පොලීසිය වැඩිදුරටත් පවසන්නේ ඔහුට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි 40කට වැඩි සංඛ්‍යාවක් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බවය.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් සහ ගිනි අවි සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    සැකකරුවන් දෙදෙනා පැය 72ක රැඳවුම් නියෝග ලබාගනිමින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202604 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.