දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව අනුමැතිය සඳහා අද (28) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණි.
එහිදි අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
ඉන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කෙරුණි.
මේ අතර ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සමගාමීව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමටද ශ්‍රී ලංකා රජය තීරණය කළ අතර ඒ අනුව හෙටින් එළැඹෙන දීර්ඝ බැංකු නිවාඩුව ඒ සඳහා යොදාගන්නා බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණයට යටත් වන දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 46.9 කි.
ඊට අමෙරිකානු ඩොලර් බිලියන 27.8 ක භාණ්ඩාගාර බැඳුම්කර, ඩොලර් බිලියන 14.1ක භාණ්ඩාගාර බිල්පත් සහ ඩොලර් මිලියන 843ක සංවර්ධන බැඳුම්කර මෙන්ම තවත් මූල්‍ය උපකරණ කිහිපයක් ද ඇතුළත් ය.