මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග අලෙවි කරන රාත්‍රි වීදි ආහාර වෙළෙඳසැල් කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂකවරුන් විසින් වටලනු ලැබීය.
මෙහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළෙඳාම් කරන ස්ථාන කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.
කොළඹ මහ නගර සභාවේ වැල්ලවත්ත දිසා අංක 5 සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ආහාර පරීක්ෂකවරුන් මෙලෙස රාත්‍රී වීදි ආහාර අලෙවිසැල් පරීක්ෂාවකට ලක්කළේ, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත යන ප්‍රදේශ ආශ්රිත ගාලු පාරේ මුහුදු මාර්ගයේය.
මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳාම් කරන ස්ථාන රැසක් හමුවී තිබේ.
ප්‍රමිතියෙන් තොර ආහාර විකුණූ වෙළෙඳසැල් 6 කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද මෙහිදී කටයුතු කෙරුණි.