Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට
    Featured

    විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

    By LFNJune 28, 2023No Comments4 Mins Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිඳු ආකාරයකට බලපෑමක් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බවද ජනාධිපතිවරයා පවසයි.

    රටේ මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නැති බවත්, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා වන කිසිඳු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය ‘ලක්සියනෑ මන්දිරය’ ඊයේ (27) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල පිහිටා ඇති රාජ්‍ය ආයතන 37ක් එකම ස්ථානයක ස්ථානගත කරමින් ඉදිකෙරුණු සත්මහල් පරිපාලන සංකීර්ණය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන හාරදහසකට ආසන්නය.

    2022 වර්ෂය අවසාන වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය (දේශීය හා විදේශීය) ඩොලර් මිලියන 83,700කි.

    එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 128.3%ක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    2022 අවසන් වන විට සමස්ත විදෙස් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 41,500කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 63.6%කි. ඒ වනවිට සමස්ත දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 42,100ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 64.6%කි.

    මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පවත්වාගෙන ගියහොත් 2035 වන විට ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කටත් වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශීය ණයහිමියන් මේ වනවිටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර ඇති බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය අතර දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති බව සඳහන් කළේය.

    බාහිර ණයහිමියන් වශයෙන් විදෙස් ණයහිමියන් විශාල බරක් දරණ අතර, ඉදිරි වසර 05 තුළදී පමණක් විදේශ ණයකරුවන්ගෙන් අමෙරිකානු ඩොලර් බිලියන 17ක දායකත්වයක් ලබා ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව අපේ දේශීය ණයකරුවන්ගෙන් ද ඊට දායකත්වයක් ලබාදිය යුතුව ඇති බව පැවසීය.

    මහජනතාවගේ බැංකු තැන්පතු ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිව මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අනුව බැංකු තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් නොවන අතර බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් නොවන බවත් එමඟින් සිදු වන්නේ ආර්ථිකය යළි නඟා සිටුවිය හැකි ප්‍රතිව්‍යුහගත කිරීමකට මඟ සෑදීම පමණක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.‍

    රටේ ආර්ථික ප්‍රකෘතිය ඇතිවීම, පොලී අනුපාතය අඩු වීම, රජයට පහසුවෙන් සහනාධාර මුදල් සැපයීමට හැකිවීම, ඊළඟ වසර 10 තුළ දේශීය හා විදේශීය වශයෙන් ණය බර අඩුවී එමඟින් ලැබෙන යහපත් ප්‍රතිඵල රටේ මහජනතාවට මෙමගින් හිමිවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    පසුගිය ප්‍රංශ නිල සංචාරයේ දී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය (පළමු) සහ මුදල් අමාත්‍ය සිග්‍රිඩ් කාග්, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන්, ජපාන විදෙස් අමාත්‍ය යොෂිමාසා හයාෂි යන අය සමග විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන යනු ලබන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙහිදී ශ්‍රී ලංකාවේ මතුවී තිබු අර්බුදය ආපසු හැරවීමට හැකිවීම ගැන මේ සියලු දෙනා සතුට පළ කළ බවත්, ඉදිරියේ දී ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග මෑතකදී කළ දුරකථන සංවාදයේ දී ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථික ස්ථායීතාවයට සුබවාදී දායකත්වය පිරිනමන බව ප්‍රකාශ කළ අතර, ඉදිරි ඉන්දීය සංචාරයේ දී ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකට එළැඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය.

    මේ මොහොතේ දී චීන නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා එරට විදේශ අමාත්‍ය ක්වින් ගැන්ඩ් මහතා සමග අදහස් හුවමාරු කරගැනීමේ දී දෙරට අතර බහුපාර්ශවීය සහ ආර්ථික සබඳතා සවිමත් කරගැනීමට එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එසේම චීන මුදල් අමාත්‍ය ලී ක්‍යුන් මහතා සමග බීජිං නුවර පැවතී සාකච්ඡාවේ දී මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ස්ථාවර ප්‍රගතිය වෙනුවෙන් වන සැලසුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් පසුගිය අර්බුදකාරී සමයේ චීනය ලබාදුන් විශේෂ දායකත්වය පිළිබඳව ද අලි සබ්‍රි මහතා සිය ස්තූතිය පිරිනැමීමට කටයුතු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය විසින් පත්කර ඇති චීන එක්සීම් බැංකුවේ සභාපති වූ ෆුලින් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි උපරිම ආකාරයෙන් දායකත්වය ලබාදෙන බව ඔවුන් සඳහන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.