විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පහර දුන් කර්නල්ට පොලිස් ඇප
විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පහර දීමට තැත් කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු පොලිස් ඇප මත මුදාහැරීමට දිවුලපිටිය පොලිසිය පියවර ගෙන තිබෙනවා.
දිවුලපිටිය ප්රදේශයේ පිහිටි ලූතිනන් කර්නල්වරයාගේ නිවෙසේ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේදී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ලුතිනන් කර්නල්වරයා මෙලෙස පහරදීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.