Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රිලවුන් රට නොයවන බවට අභියාචනාධිකරණයේදී ප්‍රතිඥාවක්
    Featured

    රිලවුන් රට නොයවන බවට අභියාචනාධිකරණයේදී ප්‍රතිඥාවක්

    By LFNJune 27, 2023No Comments2 Mins Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව ඊයේ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.

    මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මෙම දැනුම්දීම සිදුකළා.

    මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

    එහිදී විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙසයි.

    ඊට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එකඟතාවය පළ කළ අතර අනතුරුව පෙත්සම යළි ජූලි මස 06 වනදා කැඳවන ලෙස එහිදී නියෝග කෙරුණා.

    ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි, ඔටාරා ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට රජය සූදානම් වන බවට වාර්තා පළ වී ඇති බවත් එහි මුල් පියවර ලෙස රිලවුන් දස දහසක් අපනයනය කිරීමට නියමිත බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

    මෙම ක්‍රියාව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත මෙන්ම සත්ව හිංසා වැළැක්වීමේ පනතේ විධි විධානයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව තුළින් මෙරට පරිසරයේ ජෛව විවිධත්වයට අහිතකර බලපෑමක් එල්ල වන බවත් සඳහන් කර තිබෙනවා.

    මෙම රිලවුන් අපනයනය කෙරෙන්නේ කුමන අරමුණක් සඳහා දැයි අපැහැදිලි බවත් එබැවින් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 20260120 Views

    අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු…

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.