රට තුළ සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන් සහ ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් සහිතව නිකුත් කළ ලේඛනය දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනිඅවි සඳහා වලංගු නොවන බව පොලීසිය පවසනවා.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ එම මුදල් ත්‍යාග ලබාදීමේ තීරණය වලංගු වන්නේ විදේශීය රටවල නිෂ්පාදනය කළ ගිනි අවි සඳහා පමණක් බවයි.