Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැලණියේ වෙඩිතැබීමේ තවත් තොරතුරු
    Featured

    කැලණියේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    By LFNJune 26, 2023No Comments2 Mins Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැලණියේ සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ ඊයේ (25) පස්වරු 4.15ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණි.

    දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල මාර්ගයක සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇත.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා විය.

    ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර උණ්ඩ 30 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

    වෙඩි වැදුණු පුද්ගලයින් “දිප්පිටිගොඩ ළහිරු” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ කණ්ඩායමේ පිරිසක් බවට මේ වනවිට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

    වෙඩිතැබීම සිදුකර ඇත්තේ “කඩවත කල්ප” නමැති අපරාද කල්ලි සාමාජිකයාගේ කණ්ඩායම විසින් වන අතර, දෙපාර්ශ්වය අතර පවතින ආරවුලක් මීට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    මේ අතර, අම්බලංගොඩ බස් නැවතුම්පළ අසල ත්‍රිරෝද රථ ගාලේ කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු (24) රාත්‍රි වෙඩි තබා ඝාතනය කර තිබුණි.

    ඔහු ඊයේ රාත්‍රි 10.45 ට පමණ සිය ත්‍රිරෝද රථයෙන් නිවසට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තබා පළාගොස් ඇත්තේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලදීය.

    වෙඩි වැදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගියේය.

    ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය නවත්වන ලෙස දැනුම් දී, එය නැවැත්වීමෙන් පසු වෙඩි තැබීම සිදුකර ඇති බවටත්, එම සිදුවීම වන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ තවත් අයෙක් සිට ඇති බවටත් පොලීසිය සැක පළ කරයි.

    පොලීසිය පවසන්නේ වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටය.

    මෙලෙස වෙඩි වැදීමෙන් මියගියේ අම්බලංගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි තිරිමාදුර උජිත් ද සොයිසා නොහොත් චූටි මාමා නමැති දෙදරු පියෙකි.

    මොහුට එරෙහිව පාතාල කල්ලියකට හෝ කිසිඳු අපරාධයකට සම්බන්ධ බවට චෝදනා එල්ල නොවන බව පවසන පොලීසිය, මුල්‍ය ගනුදෙනුවකට අදාළව ඇති වු ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැක පලකරයි.

    පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.