Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 2025

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුරාබදු ආදායම අඩු වීම ගැන සංවාද
    Featured

    සුරාබදු ආදායම අඩු වීම ගැන සංවාද

    By LFNJune 25, 2023No Comments2 Mins Read229 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීයි. එම කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ සුරාබදු නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 217 ක් බවත් ජුනි මස වන විට උපයා ඇත්තේ රුපියල් බිලියන 72යි දශම 985ක් පමණක් බවයි. මේ හේතුවෙන් අපේක්ෂිත ආදායමට සුරාබදු දෙපාර්තමේන්තුව ළඟාවී නැති බවද එම කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.
    අපේක්ෂිත ආදායමට ළඟාවිය නොහැකිව ඇත්තේ මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය අවම වීම නිසා බව ඊට ප්‍රතිචාර දක්වමින් සුරාබදු නිලධාරීන් පැවසූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ පැවසුවේ වසර කිහිපයක සිටම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වී නැති බවයි. මේ හේතුවෙන් මත්පැන් මිල වැඩිවීම පමණක් ආදායම අවම වී ඇති බවට නිරීක්ෂණය නොවන බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නා. එබැවින් මෙරට පවතින මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැදිව බදු අයකරගැනීමට කටයුතු කරන ලෙසත් යම් ආකාරයකින් බදු ගෙවීම පැහැර හරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමටද පියවර ගන්නා ලෙසත් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ එම නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,363 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 20250130 Views

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී…

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.