වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද ඊයේ (23) උදෑසන ඉහළ මට්ටමක පැවතුණ අතර කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පිහිටි පොළ සහ අලෙවිසැල්වල එළවළු සිල්ලර මිල ද මීට සමගාමීව ඉහළ ගොස් තිබුණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග සීමා වී ඇති අතර ඒ සමග එහි එළවළු මිලද ඉහළ ගොස් ඇති ආකාරය දක්නට ලැබුණි.