Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශබන්දු ගැන තීන්දුව සඳුදා
    Featured

    දේශබන්දු ගැන තීන්දුව සඳුදා

    By LFNJune 23, 2023No Comments1 Min Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා (26) දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

    අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම රිට් පෙත්සම ගොනුකර තිබේ.

    මෙම තීන්දුව අද (23) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

    එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා සිදුකරන බවය.

    මේ අතර ඉකුත් වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස තමන්ව නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති ලිපියක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ද අභියාචනාධිකරණය විසින් ලබන සඳුදා දක්වා කල්තැබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 202602 Views

    මැද පෙරදිග පවතින දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා…

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.