Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 2025

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය ඇමතිනී ඩයනා ට එරෙහිව පියවරක්
    Featured

    රාජ්‍ය ඇමතිනී ඩයනා ට එරෙහිව පියවරක්

    By LFNJune 23, 2023No Comments3 Mins Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

    රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක නියෝගයක් පසුගිය අප්‍රේල් මස 24 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

    ඉකුත් මැයි මස 29 වනදා ‘අද දෙරණ’ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සහභාගී වූ ඩයනා ගමගේ අමාත්‍යවරිය එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙරම එය ලබාගන තිබෙන බව ප්‍රකාශ කර තිබුණේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආවේෂණ පරීක්ෂණයක් සිදුකළ බවත් එහිදී අදාළ නඩු තීන්දුව මුලින්ම පළවී තිබුණේ ඕෂල ලක්මාල් නමැත්තෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමේ බවත් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අප්‍රේල් මස 24 වනදාට පෙර එම තීන්දුව කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ පළවී නොතිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

    මීට අදාළව ඔෂල හේරත් මහතාගෙන් ප්‍රකාශයක් සහටන් කරගත් බවත් එම ප්‍රකාශයට අනුව අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වී දින හතරකට පසුව ඔහු විසින් එහි පිටපත් ලබාගෙන තිබෙන බව අනාවරණයවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කියා සිටියේය.

    මීට අදාළව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍යව තිබෙන හෙයින් එම ප්‍රකාශය සටහන් කරගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්‍රකාශය තුළින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කළේය.

    ඒ අනුව ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලීම් කළේය.

    දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    “අධිකරණය හමුවේ ඉදිරිපත්වී ඇති කරුණු පිරික්සීමේදී මා විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර එය ලබාගන තිබෙන බව මෙම පරීක්ෂණයට භාජනය වී සිටින තැනැත්තිය විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම නඩු තීන්දුව යතුරුලියනය කරන ලද්දේ මාගේ නිවසේදී මා විසින් මාගේ ලැප්ටොප් පරිගණකයෙන්. එසේ යතුරුලියනය කරන ලද නඩු තීන්දුව pen drive එකක දමාගෙන නිවසේ සිට මගේ කලිසම් සාක්කුවේ දමාගෙන අධිකරණය වෙත රැගෙන ආවා.”

    “ඉන්පසුව අධිකරණයේ දී එම නඩු තීන්දුවට අදාළ පිටපත් මා විසින්ම ලබා ගත්තා. මෙම නඩු තීන්දුව පිටපත් කිරීමේ කටයුතුවලට කිසිදු යතුරුලියන ලේඛිකාවක් සම්බන්ධ වුණේ නැහැ. එමනිසා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පිටවීමට කිසිදු හැකියාවක් නැහැ.” යනුවෙන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.”

    වැඩිදුරටත් කරුණු දැක්වූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා,

    “ඉදිරිපත්වී ඇති කරුණු පිරික්සීමේදී මෙම පරීක්ෂණයට භාජනයවී සිටින තැනැත්තිය විසින් සිදුකර ඇති අදාළ ප්‍රකාශය අධිකරණය විසින් නිරීක්ෂණය කළා. ඒ තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුසු කරුණු ඇති බව පෙනී යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය ප්‍රකාරව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ලබන අපහාසයක් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ බලය අභියාචනාධිකරණය වෙත පැවරී තිබෙනවා.”

    “නමුත් අධිකරණ සංවිධාන පනත යටතේ ද මෙම අපහාසය සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට මාගේ අධිකරණයටත් බලය ලබාදී තිබෙනවා. එහෙත් මෙම වරදේ ස්වභාවය සම්බන්ධයෙන් සලකාබැලීමේදී මාගේ අධිකරණය හමුවේ පවත්වනු ලබන නඩු විභාගයකින් අනතුරුව පැනවිය හැකි දඩුවම ප්‍රමාණවත් වන්නේ නැහැ.”

    “නමුත් අභියාචනාධිකරණයට දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් පුළුල් බලයක් තිබෙනවා.”යනුවෙන් සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව පියවරගන්නා ලෙස අභියාචනාධිකරණය සභාපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බවත් නියෝග කළේය.

    ඊට අදාළ කටයුතු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සහතික පිටපතක්, ඇය විසින් අදාළ රූපවාහිනී සාකච්ඡාවේදී කරන ලද ප්‍රකාශය අන්තර්ගත සංයුක්ත තැටිය සහ සෙසු ලේඛන ද අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 2025

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 20250130 Views

    හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල්…

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.