Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කටුනායක සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්
    Featured

    කටුනායක සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

    By LFNJune 23, 2023No Comments2 Mins Read194 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියාවට ශ්‍රමිකයින් පිටත්කර යැවීමේදී ශ්‍රීලන්කන් මගින් සේවාව ලබා ගැනීමට අකමැතිනම්, ඒ සඳහා කොරියානු ගුවන් සේවයට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ඉකුත් 20 වනදා දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානයේ සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ” එදා කොරියාව බලා ගමන් කිරීමට නියමිතව තිබුණු ගුවන් යානයේ ප්‍රධාන පයිලට් ඇතුළුව තව ෆස්ට් ඔෆිසර් කෙනෙක් හිටියා. එතුමා දවල් 13.40 ට වෛද්‍ය සහතිකයක් එවලා කියලා තියෙනවා මට ෆ්ලයි කරන්න බෑ අද කියලා. ජාත්‍යන්තර නීතිරීති අනුව ප්‍රධාන පයිලට් ට පමණක් මේ ගුවන් යානය ගෙනියන්න බෑ. ෆස්ට් ඔෆිසර් කෙනෙක් ඉන්ඩ ඕනේ. තව ෆස්ට් ඔෆිසර්ස් ලා හිටියා 20 දෙනෙක් ඒ අයට ඕෆ් ඩේ එක. ඒ අයගෙන් ඉල්ලා හිටියා කරුණාකරලා මේ ෆ්ලයිට් එකේ යන්න ෆස්ට් ඔෆිසර් කෙනෙක් එන්න මේ මගීන් රස්තියාදු වෙනවා කියලා. එක්කෙනෙක්වත් ආවේ නෑ. තිත්ත ඇත්ත මේක තමා. ශ්‍රීලන්කන් ගුවන් සේවය ආරක්ෂා කරගන්න ඕනේ කියලා කියනවා. රැකගන්න ඕනේ කියලා. තමන්ගේ සහෝදර නිලධාරියෙක් අසනීපවෙලා. අපිට මේ ෆ්ලයිට් එක ගෙනියන්න සහයෝගයක් දෙන්නේ නෑ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට ආවේණික වූ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි බිලියන 1.2ක් මේ රටේ ආර්ථිකයට පාඩු කරපු මේ ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. මම අපේ ගුවන්සේවා අධ්‍යක්ෂකතුමාට නියෝග කර තිබෙනවා කොරියාවට යන්න ඕනේ නම් ශ්‍රී ලංකන් ගුවන් යානයක යන්න අකමැති නම් එය පරක්කු වෙනවා නම් කොරියන් ගුවන් සේවයට ඇවිල්ලා අපි අවස්ථාව දෙනවා ලංකාවේ ගොඩබස්සවන්න. මම මනූෂ නානායක්කාර මැතිතුමාට කිව්වා වහාම ඔවුන්ට දන්වන්න මම පැය 24ක් ඇතුලත ඒ අවසරය ලබා දෙන්නම් කියලා”

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානයේ සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා ඉකුත් 20 වනදා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 52 නෙකුට එම අවස්ථාව අහිමි විය.

    එවන් පසුබිමක, ගුවන්යානයේ ප්‍රමාදය සම්බන්ධයෙන් කනගාටුව පළකරමින් ශ්‍රී ලංකන් ආයතනයද නිවේදනයක් නිකුත් කර තිබුණි.

    එහි දැක්වෙන්නේ, එම ගුවන්යානයේ නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු එදින රාත්‍රියේදී හදිසියේ අසනීප වූ අතර, ගුවන් නියමුවන්ගේ විවේකය හා ආරක්ෂාව සම්බන්ධ පවතින විවිධාකාරවූ රෙගුලාසි හේතුවෙන් පසු දිනය වනතුරු වෙනත් ගුවන් නියමුවෙකු යෙදවීමට නොහැකිවූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.