පැරිස් සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හමුවී තිබුණි.
මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ, වර්තමාන ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ලක් රජය දරන ශක්තිමත් ප්‍රයන්ත පිළිබඳව සතුටුවන අතර මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මූල්‍ය අරමුදල අඛණ්ඩව කැපවන බවය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්විය.
ජුනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නය.