ශ්‍රී ලාංකික කාන්තාවක් කුවේට්හි දී මියගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශයේ කොන්සිය කටයුතු අංශය වෙත දැනුම් දී තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා නැමති කාන්තාවකි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසය.
ඇය නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව යන ලිපිනයේ පදිංචිව සිට ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු මඟින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව ඉහත ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම් දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015, විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk හෝ කොන්සියුලර් අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, 2 වැනි මහල සෙලින්කෝ මන්දිරය, කොළඹ 01. යන ලිපිනය ඔස්සේ අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.