ව්‍යාපාරිකයෙකුගේ පෞද්ගලික කුඹුරුයායකට ජලය ලබාගැනීම වෙනුවෙන් පදවිය ජලාශයේ මුරකරුට මත්පැන් පොවා අධිබලැති ජැක් ආධාරයෙක් වාන් දොරටුව විවෘත කරගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට ජුලි 12 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නියෝග කර තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමුකරන්නැයි ද කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විසින් පදවිය පොලීසියට නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (21) පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින සියලු සැකකරුවන්ට ලබන ජූලි මස 12 වන දින යළි අධිකරණව හමුවේ පෙනීසිටින ලෙසටද තවදුරටත් නියෝග කෙරුණි.
භූමි ප්‍රමාණයෙන් මෙරට විශාලතම ජලාශය ලෙස සැලකෙන පදවිය වැව හරහා කුඔුරු අක්කර 18,000කට පමණ යල මහ දෙකන්නයටම ජලය සැපයෙයි.
මෙම සිද්ධියට අදාළව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින්නේ ව්‍යාපාරිකයෙකු වන ප්‍රධාන සැකකාර මයුර ප්‍රදීප් මධුසංඛ සහ උපාලි කුමාරතුංග, කමල් ප්‍රියශාන්ත යන සැකකරුවන්ය.
පදවිය ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරු අනුර ශාන්ත මහතා පදවිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.