Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 2025

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රහසිගත ජීවිතයක් ගතකළ ප්‍රබල අපරාධකරුවෙක් මුල්වරට එළියට
    Featured

    රහසිගත ජීවිතයක් ගතකළ ප්‍රබල අපරාධකරුවෙක් මුල්වරට එළියට

    By LFNJune 22, 2023No Comments3 Mins Read307 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගතකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “රසල් ඇලෝසියස් ස්මිත්” නමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

    අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි.

    රසල් නමැත්තා මෙතෙක් කිසිදු ආරක්ෂක අංශයක අවධානයට ලක් නොවූ පුද්ගලයකු බවද පොලීසිය කියයි.

    පොලීසිය තවදුරටත් සඳහන් කළේ, රසල් නමැත්තාගේ මුදල් ගනුදෙනු සහ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට ආධාර අනුබල දුන් බව කියන ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බවය.

    රසල් නමැත්තා ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසුවන රත්මලාන කුඩු අංජු නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමට පෙර එම ජාවාරමේ යෙදුණු අයෙක් බවට ද මේ වනවිට අනාවරණය වී ඇත.

    එම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ ඉකුත් 19 වනදා මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් නවත්වා එහි සිටි පුද්ගලයෙකු ශරීර පරීක්ෂාවට ලක් කිරීමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පළායෑමට තැත් කිරීමේ සිද්ධියෙන් පසුවය.

    එහිදී පළායෑමට තැත් කළ සැකකරු සතුව තිබූ අන්සතු මෝටර් රථයක ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය ඔස්සේ සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී තිබේ.

    එදින ගිනිඅවිය සමග අත්අඩංගුවට ගත් හාලිඇල 05 කනුව පදිංචි නලින් සම්පත් පතිරණ නමැත්තාගෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සිදුකිරීමට සැලසුම් කරතිබූ ද්විත්ව ඝාතනයක් සහ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ කරගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගත් නලින් සම්පත් නමැත්තා හාලිඇල අධිකරණයට ගිනිතබා විනාශ කිරීමේ ප්‍රධාන සැකකරු වන බවද පොලීසිය කියයි.

    ඩුබායිහි සැඟව සිටින රසල් නමැත්තා, අත්අඩංගුවට ගත් රත්මලාන ව්‍යාපාරිකයා මාර්ගයෙන් මුල්ලේරියාව පොලීසියේ අත්අඩංගුවේ පසුවන සම්පත් නමැත්තා සහ නාවික හමුදාවෙන් පළා ආ සෙබළෙක් වෙත ගිනිඅවි දෙකක් එවා තිබේ.

    පොලීසිය පැවසුවේ, එහිදී මත්ද්‍රව්‍ය නඩුවක ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටින මැගසින් පාරේ ඩිලා හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී තිබු බවය.

    එම ගිනිඅවි දෙක ඔවුන් සතුකරන අවස්ථාවේදී රත්මලාන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය වැරදීමකින් සැකකරුවන් වෙතයෑම හේතුවෙන් ඩුබායිහි සැඟව සිටින රසල්ගේ තොරතුරු අනාවරණයවීමට ආසන්නම හේතුව බවද පොලීසිය කියයි.

    නමුත් ඉකුත් 15 වනදා ‘ඩිලා’ නමැත්තා අධිකරණය වෙත නොයෑම හේතුවෙන් එම ඝාතනය වැළකී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

    එම ද්විත්ව ඝාතනය වැළැකීමෙන් අනතුරුව නාවික හමුදාවෙන් පළාආ සෙබළා එක් ගිනිඅවියක් රැගෙන යතුරුපැදියකින් පිටවී ගොස් තිබුණි.

    අනතුරුව සම්පත් නමැත්තා අනෙක් ගිනිඅවිය රැගෙන මුල්ලේරියාවට පැමිණ අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන අමිත නමැත්තා සමග ත්‍රීරෝද රථයෙන් කොල්ලකෑමක් සඳහා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.

    රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඩුබායිහි සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන රසල් නමැත්තාගේ මුදල් පරිපාලනය, උන්ඩියල් කටයුතු සිදුකිරීම මෙන්ම සංවිධානාත්මක අපරාධ කටයුතු සඳහා ආධාර අනුබල දෙන ප්‍රබලම සාමාජිකයා බව මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.

    ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාරදී ඇත.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ජයසිංහ හා ඒකක එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

    September 10, 20250130 Views

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී…

    මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

    September 10, 2025

    හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්

    September 10, 2025

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.